Sinhalen Sex Education ||| ලිංගික අධ්‍යාපනය සිංහලෙන්

ලිංගික ගැටලු , කාම සූත්‍ර , කාම ආශාව , ලිංගාස්‍රිත රෝග , වැල කතා , අම්ම එක්ක ආතල් , ඇන්ටිගේ වල් කතා , වනචර කතා , සෙක්ස් කතා,wala katha sinhala,wal story,sex athal,antie katha,sinhala wala story

Popular Posts

Gossip Photo Gallery

Powered by Blogger.

couple bad moodසියයට 20% ක් පමණ විවාහක මිතුරන් දෙන්නා දෙමහල්ලෝ කුරුළු ජෝඩුව වගේ සතුටින් ඉන්නා අතර 80% ක් පමණ සෑහෙන අසතුටෙන් , ළමයි නැත්තන් යනවා කියන මානසික තත්වයෙන් ජීවත් වීමයි. මෙම අඹු සැමි අසන්තෝශය කොතෙක් දුරට පැතිරිලාද යතොත් අද වන විට මහාචාර්ය සරත් විජේසූරිය වැනි අය විසින් පොත පත පවා රචනා කර ඇත්තේය. ඔබද කාලත්‍රයා සමග අසතුටෙන්, ජීවිතය විඳවීමක් ලෙස දකිමින් ජීවත් වන්නේ නම් ඔහුගේ පොත් පත් පරිශීලනය කිරීම සුදුසු යයි සිතමි. මෙම පොත් බොහොමයක් රසවත් නිසා බලා ඇත්තෙමි. තව Sean and Barbara Pears ගේ ප්‍රසිද්ධ පොතද පරිශීලනයට සුදුසුය. විසි වන දශකයේ අවසන් භාගයට පැමිණ ආදර සම්බන්ධතා කිහිපයක් පවත්වා ගැහැනියක ලෙස සැමියන්ගේ ආදරයට ලක් වීමට වගා කර ගත යුතු ගුණාංග කීපයක් මෙසේ සටහන් කරන්නට සිතුවෙමි.

01) ඔහුට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දීම : ඔබ ඔහුගේ විදුහල් පතිනිය නොවේ. ඔබ ඔහුගේ හොඳම යෙහෙළිය වන්න. අපරාධ සහයිකාව වෙන්න. යහළුවන් සමග ඇති තරම් විනෝද වෙන්න ඉඩ දෙන්න . මෙය ඔහුගේ මානසික අවශ්‍යතාවයකි. මෙය අස්වභාවිකව තද කරගෙන සිටියොත් , ඔහු ඔබට මානසිකව වෛර කරන්නට සහ වංචා කරන්නට පටන් ගනීවි. පළමු දවසේ ඔබට මළගෙදරක යන බව කියා මිතුරෝ හමු වෙන්නට යාවි. හානිය වන්නේ ලොකු බොරු කියන්නට පුරුදු වීමයි. මම නම් කරන්නේ කරටි කැඩෙන්න බී ගත්තා නම් වාහනය දමා කැබ් එකක එන ලෙස අන කිරීමයි. නැත්තන් මමම ගිහින් කැඳවාගෙන ඒමයි.
02) කතා බහට ඔහුව පොළඹ වන්න. : බොහෝ යුවලවල් කාලය සමග පිළිසඳර අඩු කරයි. මෙය දෙපාර්ශවයේම වරද ලෙස දකිමි. සැමියාට කතා කරොත් / බිරිඳට කතාකරොත් අවනඩුවකි. බොහෝ බිරින්දෑ වරු තොර තෝංචියක් නැතිව කරච්චල් කරති. රැකියාවක් කර ගෙදර වැඩද කළ මගේ අම්මා තාත්තාට බොහෝ කරච්චල් කළ බිරිඳකි. අනේ සිරී මේ කෑම පෙට්ටි වලට දාන්න , කෝ වාහනේට පටෙව්වද? අර මිදුල පුරාම කොල ...කාගේ වත් ඇස් දෙක පෙන්නේ නැහැ. කියන්නම් වාලේ ඇපෙන් බේරෙන්න වගේ කරනවා ....මේ මගේ සාරියේ හැම තැනම රැලි...අර දරුවා බඩගින්නේ නින්ද ගිහින්...මුන් දෙන්න මගේ විතරද? අසාගෙන සිට අපිට එපා වුවද වාසනාවට තාත්තා මේ සියල්ල දරාගෙන විහිලුවක් තහළුවක් කරගෙන සිටියේය. නමුත් යන්තන් තිහ කිට්ටු උන මගේ යෙහෙලියන් පවා මේ අයුරින් කරච්චල් කරනු මම දැක ඇත්තෙමි. ඔවුන්ගේ සැමියෝ කියන වැඩක් කර ගොළුවන් මෙන් පරි ගණක ඉදිරිපිට කාර්යාලවල රෑ වී පුළුවන් තරම් ගෙදරින් ඈතට යති. තම නිවස නිදහසේ ජීවත් වන්නට ප්‍රසන්න තැනක් නොවීම මහා අවසනාවකි . නමුත් ගැහැනුන් මෙන් ඔවුහු දුක නොකියති. වෙන වැරදි වලට යොමු වෙති.
03) අනලසව ගෙදර කටයුතු කරන්න. : හොඳ සූපවේදිනියක් වන්න. උදේ උයපු කෑම දවල්ට කා රෑට ඒකටම පොල් සම්බෝලයක් හදා කන යමක් කමක් ඇති පවුල් මම දනිමි. මට ඒ ස්වාමි වරුන් ගැන ඇත්තේ මහා දුකකි. ගේ දොර හැකි අයුරින් පිළිවෙලට තබන්න. අපිළිවෙල , අපිරිසිදු කම ජීවිතයේ සතුට මරා දමන සතුරෝය . හැම දෙයක්ම පෙර සිතා සන්විධානශීලීව කරන්න. ඇතැම් දවසක උදේ බොන්න කිරිපිටි නතුව , අනේ මේ ගිහින් පිටි ගේන්න කියා සැමියාට කියනවා නම් ඔබ ඇත්තටම සංවිධාන ශක්තියක් නැති ගැහැනියකි. උදේ ඇහැරෙන්න. ගෙදර සතුටේ නායිකාව වන්න. අනෙක් අයගේ අවශ්‍යතාවට සතුටින් ඉටු කරන්න.
04) අදරනීයත්වය : ඔබ අනෙකාට ආදරේ නම් ඔහු ඇය කිසිසේත්ම කරදරයක් ලෙස නොපෙනේවි. අමාරු වැඩය ඔබ කරන්නට උත්සහ දරන්න. උදාහරනෙකට නිවසේ කුණු බක්කිය බැහැර කරන දවසක හැඩල් එකේ පනුවන් සිටිනු දුටුවෙමි. මම සැමියාට එහා පැත්ත අල්ලන්න කියා මම පනුවන් සිටි පැත්ත උස්සන්නට හදුවෙමි. " ඇයි ඔයාගේ අතේ පනුවෝ ගැවුනම කැත නැද්ද? මගේ අතේ ගැවුනොත් විතරද නරක කියා ඔහු පනුවන් සිටින පැත්ත ඇල්ලුවේය" 
කොතරම් කල් ගියත් දරුවන්ට , සැමියාට , දෙමාපියන්ට, සොහොයුරන්ට අසීමිතව ආදරය කරන්න. විහිලු තහළු කරන්න. සිප ගන්න. මම අදටත් මගේ තාත්තිගේ අත අල්ලගෙන ය ගමන් බිමන් යන්නෙ. මේ සියල්ල කරන්නට අපට ඇත්තේ කෙටි කළකි. අප ආදරේ කරන අය මිය යති. අපෙන් වෙන් වෙති . ඒ බව නිතරම මෙනෙහි කරන්න.
05) සැකය : පවුල් බිඳින අමිහිරිම කරුණයි. ඔබත් ඔහුත් පුද්ගලික ජීවිතය පාලනය කරන්නට ඉඩ තබා නොගන්න. දුරකථන පරික්ෂාව, FB pass word ඉල්ලීම මා දකින්නේ සම්බන්ධතාවයට කරන නිගාවක් වශයෙනි. ඔබ සෑම විටම ඔහුගේ යුතුකම් ඉටු කරද්දීත් නොමග යනවානම් ඒක ඒ මිනිසාගේ අවාසනාවන්ත කමයි. ඔබ පරීක්ෂාවෙන් හිටියත් හොරෙක් නම් ඔබට ඔහුව නවත්වන්නට බැරිය. ඒ වෙනුවට ඔබ ලඟට පැමිණීම / නිවසට පැමිණීම විනෝද ජනක අත්දැකීමක් කරවන්න. නිකරුනේ සැක කිරීම සත්‍ය වශයෙන්ම ඔහුව වරදට පොළඹ වන්නට ඉඩ ඇත. අනික ඔබ ඔහුගේ බිරිඳයි. පවුලේ සමාජිකාවයි . වරදක් දකින පමණින් අපට දරුවෙක් , සහෝදරයෙක් නෙරපිය හැකිද? සැමියා ගැනද ඒ අයුරින්ම සිතන්න.
06) පිළිවෙලට , ලස්සනට ජීවත් වෙන්න: දරුවෙක් දෙන්නෙක් ලැබිච්ච ගමන් හොඳට මහත් වෙලා, උදේට මූණ නොසෝද , බ්‍රා එකක් අඳින්නේ නැතුව පියයුරු බඩේ ගෑවෙන්න ඉන්න එපා. හැකි සෑම අයුරකින්ම වයායාම කරන්න. එය ඔබගේ කායික මානසික සවුක්ය නගා සිටුවාවී. ඩෝෆමින්, සේරොටනින් , ඔක්සිටොක්සින් වැනි සතුට දනවන හෝර්මෝන වයායාම කරද්දී , ඉර එලියට නිරාවරණය වෙද්දී ඉබේම ශ්‍රාවය වෙනවා. හොඳ පෝෂ්‍යදායි කෑම කන්න . anti oxident සහිත ආහාර ගන්න. වයසට යාම ප්‍රමාද වීම වාසනාවක්. නිරෝගී කම සතුටක් . ලාභයක්.
තව බොහෝ දේ ඇති අතර මතක තබා ගත යුතු දේ නම් ඔබේ පවුල රක ගැනීම යනු FB එකේ දමන්නට හෝ ගෙදර රාමු කර තබන්නට ව්‍යාජ හිනාවක් හා වටිනා ඇඳුම් සහිත ෆොටෝ ගැසීම නොවේ. බැංකු නයෙන් විශාල ගෙයක් හැදීම හෝ වහනයක් ගැනීම නොවේ. පවුල යනු සතුටයි.... පවුල යනු කොලේ ලිව්වා කියා වෛරයෙන් සිටීම නොවේ.... පවුල යනු එකිනෙකා වෙනුවෙන් නැගී සිටීමයි.
ඔබට වාසනාවන්ත යුග දිවියක් වේවා.
මෙතනින් මෙම පිටුව යහලුවන් සමහ බෙදා ගන්න


Donate To Help Us

Bollywood Actress